දුම්රිය ධාවනයට බාධා කළොත් නීතිය තදින්..
දුම්රිය රියදුරු සහායකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දී අැති බව අග්‍රමාත්‍ය කාර්යාලය අවධාරණය කර සිටියි. දුම්රිය රියදුරු සහායකයින් විසින් මේ වන විට වර්ජනයක් අාරම්භ කර අැති අතර මෙම වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධාවක් එල්ල නොවන බව දුම්රිය දෙපාර්තමේන්තු අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් අැතැම් පිරිස් විසින් දුම්රිය ධාවනයට විවිධ බාධා අැති කරන බවට තොරතුරු වාර්තා වන බවත් එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් පොලීසියට උපදෙස් ලබාදී අැති බව ද වාර්තා වේ.