සත්‍යයේ පුවත් අඩහැරය….

අධ්‍යාපන අමාත්‍යවරයාගේ අත්තනෝමතික පාලනය නිසා වයඹ පළාතේ පාසැල් රැසක් අර්බුදයක – ලංකා ගුරු සේවා සංගමය

වයඹ පළාතේ පාසැල් ගණනාවක ගුරුවරුන් හට අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැඩි අසාධාරණ ලෙස ලබා ස්ථාන මාරුවීම් ලබා දී අැති බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. අද (22) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා විසිනි.

සිය අදහස් පළ කරමින් මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ කිසි‍දු ගුරුවරයෙකු අපහසුතාවට පත් නොවන ලෙස ගුරු ස්ථාන මාරුවීම් ක්‍රියාත්මක කළ යුතු බව වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සකස් කරන ලද ගුරු මාරු ප්‍රතිපත්තිය තුළ සදහන්ව අැතත් වයඹ පළාත තුළ ගුරුවරුන්ට ස්ථානමාරුවීම් ලබා දීම ඉතා අසාධාරණ ලෙස සිදුව අැති බවයි. වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ දේශපාලන බලය සියතට ගනිමින් කටයුතු කරන කුලියාපිටිය විදුහලේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කළ බවයි. සිය අත්තනෝමතික පාලනය තුළින් වයඹ පළාතේ පාසැල් තුළ උද්ගතව අැති තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට අභියෝග කර සිටින බව ද මහින්ද ජයසිංහ මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා ගුරු සේවා සංගමයේ භාණ්ඩාගාරික ප්‍රියන්ත ලියනගේ සහ කුලියාපිටිය සංවිධායක අනුර සුමිත් යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට