මැතිවරණය ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක..
පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන ලෙස රජයට බලකරමින් ඒකාබද්ධ විපක්ෂය සහ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක් අද (23) කොළඹ දී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. කොළඹ 02, යුනියන් පෙදෙසේ පිහිටි පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යංශය ඉදිරිපිටදී මෙම විරෝධතාවය පවත්වා අැති අතර පසුව විරෝධතා කරුවන් නියෝජනය කරමින් සාමාජිකයින් කිහිප දෙනෙකු, පළාත් සභා සහ පළාත් පාලන අමාතවරයා හමුවී සාකච්ඡාවක් පවත්වන ලදී.