වර්ජනයේ නිරතවී, පුද්ගලික ප්‍රතිකාර සේවාවන්හි යෙදෙන වෙෙද්‍යවරුන්ට විනය පරීක්ෂණ..
උද්ඝෝෂණයේ නිරත සරසවි සිසුන්ට එල්ල වූ පොලිස් ප්‍රහාරයට විරෝධය පළ කරමින් වර්ජනයේ නිරතවී පුද්ගලික රෝහල්වල ප්‍රතිකාර සේවාවන් සිදු කරනු ලබන වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය අවධාරණය කර සිටියි. අදාළ පරීක්ෂණ වලින් පසුව එම වෙෙද්‍යවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කර සිටියි.