සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාධ්‍ය සංදර්ශන පැවැත්වීමෙන් සහ උද්වේගකාරී අදහස් පළ කිරීමෙන් ඩෙංගු රෝගය මැඩලිය නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා තේරුම්ගත යුතුයි – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාධ්‍ය සංදර්ශන වලින් සහ උත්සව සභාවන් වලදී සිදු කරනු ලබන උද්වේගකාරී අදහස් පළ කිරීම් වලින් ඩෙංගු රෝගය මර්දනය කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා තේරුම්ගත යුතුව අැති බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන්ව අැති අතර, ඩෙංගු රෝගය මැඩලීම සදහා අවශ්‍ය කිසිදු ක්‍රියාමාර්ගයක් දියත් නොකළද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් සදහා සෞඛ්‍ය වෘත්තීය සමිති පොළඹවන වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා නන්දොඩවමින් සිටින බවද එම නිවේදනය තුළ වැඩිදුරටත් සදහන්ය.

ඩෙංගු වසංගත තත්ත්වය මැඩලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිසි වැඩපිළිවෙළක් වහාම දියත් කළයුතුව අැති අතර ඩෙංගු රෝගී තත්ත්වය පිළිබදව සත්‍ය තොරතුරු රටට හෙළි නොකිරීමට අමාත්‍යංශය විසින් ගෙන අැති තීරණය නිසා ද තත්ත්වය තවතවත් ව්‍යාකූල විය හැකි බව ද රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම නිවේදනය තුළින් තවදුරටත් අවධාරණය කර සිටියි. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ හිතුවක්කාරී මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශ හමුවේ වුව ද පවතින අර්බුදකාරී තත්ත්වය මැඩලීම සදහා අවශ්‍ය සියළු උත්සාහයන් දියත් කිරීමට තම සංගමය පසුබට නොවන බව ද මෙම නිවේදනයේ වැඩිදුරටත් සදහන්ය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට