සත්‍යයේ පුවත් අඩහැරය….

පන්සල් වල පිංකැට පසුපස හඹා නොයා මහ බැංකු වංචාව අැතුළු අමාත්‍යාංශ වල වංචා ගැන හොයන්න, ලංකා ගුරු සේවා සංගමයෙන් ඉල්ලීමක්..

අාසියාවේ විශාලතම මුදල් ප්‍රමාණයක් පවතින අධ්‍යාපන සමූපකාර සමිතිය වන මෙරට අධ්‍යාපන සමූපකාර සමිතියේ වත්මන් අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස මේ වන විට කටයුතු කරන තම සංගමයේ සාමාජිකයින් වංචා දූෂණයන්හි නිරත වන බවට අැතැම් පාර්ශව විසින් ව්‍යාජ චෝදනා එල්ල කරමින් සිටින බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි.

ඊයේ (05) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා විසිනි. මෙහිදී වැඩිදුරටත් සිය අදහස් පළ කරමින් මහින්ද ජයසිංහ මහතා පවසා සිටින ලද්දේ අධ්‍යාපන සමූපකාර සමිතියේ දැවැන්ත වංචා දූෂණයන් සිදුවූයේ පසුගිය පාලන සමයේදී වන බවයි.

අධ්‍යාපන සමූපකාර සමිතිය අදාළ දූෂණ තත්ත්වයෙන් මුදවා ගනිමින් අාසියාවේ හොදම අධ්‍යාපන සමූපකාර සමිතිය බවට පත්කිරීම තම සාමාජික මණ්ඩලයේ ප්‍රධාන අරමුණක් වන බවත් පසුගිය රජය සමයේදී සිදුවූ මෙම වංචා දූෂණයන් පිළිබදව වහාම නිසි විමර්ශනයක් සිදු කර වරදකරුවන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද මහින්ද ජයසිංහ මහතා තවදුරටත් පවසා සිටින ලදී.

පන්සල් වල පිංකැට පසුපස හඹායාමෙන් වැළකී මහ බැංකු බැදුම්කර වංචාව නිසා රටට අහිමි වූ මුදල් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අැතුළු අමාත්‍යංශයන්හි සිදුවන මහා පරිමාණ මුදල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කටයුතු කරන ලෙස අාණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද මහින්ද ජයසිංහ මහතා තවදුරටත් කරුණු දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ලංකා ගුරු සේවා සංගමයේ සංවිධායක ලාල් කුමාර, උප ලේකම් ඒ.පී මිල්ටන් සහ කොළඹ දිස්ත්‍රික් සභාපති ගයාන් සංගීත් එදිරිසිංහ යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට