සත්‍යයේ පුවත් අඩහැරය….

“ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය” සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැර ගමනක් අරඹයි..

පක්ෂයේ සමාරම්භක උත්සවය පැවැත්වීම සදහා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව මුදල් ගෙවා වෙන් කර තිබියදීත් අදාළ වෙන් කිරීම හදිසියේම අවලංගු කිරීම අදිසි හස්තයක බලපෑමක් මත සිදු කරන ලද්දක් බව ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඊයේ (04) කොළඹ දී සිය පළමු මාධ්‍ය හමුව පවත්වන ලද අතර ඊට සහභාගි වූ පක්ෂයේ ජාතික සංවිධායක රොහාන් පල්ලේවත්ත මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

මෙරට බුද්ධිමතුන්, උගතුන් අැතුළු වෘත්තීයවේදීන් මෙන්ම තානාපතිවරුන් රැසකගේ සහභාගිත්වයෙන් පක්ෂය එළිදැක්වීමේ අවස්ථාව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබියදී, දේශපාලන කටයුතු සදහා සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය ලබා නොදෙන බව පවසමින් හදිසියේම අදාළ වෙන් කිරීම අවලංගු කළ බවට දැනුම් දුන් අතර පක්ෂයේ සමාරම්භක උත්සවය කඩාකප්පල් කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බව නිසැකවම පවසා සිටිය හැකි බව ද රොහාන් පල්ලේවත්ත මහතා මෙහිදී තවදුරටත් කරුණු අනාවරණය කරමින් පවසා සිටින ලදී.

වසර 05 ක පමණ කාලයක් තුළ මෙරට ඒක පුද්ගල අාදායම අැමෙරිකානු ඩොලර් 10000 ක ප්‍රමාණයට පත්කිරීම සදහා අවශ්‍ය සැලසුම් සහ රටේ ගැටළුකාරී අංශයන් 16 ක් හදුනාගෙන ඊට අවශය නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික හැකියාව ද තම පක්ෂය සතුව පවතින බව ද රොහාන් පල්ලේවත්ත මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙරට දේශපාලනය සදහා උගත්, බුද්ධිමත් වෘත්තීයවේදීන්ගේ නියෝජනයක් අවශ්‍ය වන බව මෙරට ජීවත්වන ජනතාවගෙන් 60% ක පමණ ප්‍රමාණයකගේ ඉල්ලීමක් පවතින අතර සාම්ප්‍රදායිකව දේශපාලන පක්ෂයන් තුළ එල්ලී සිටින ඉතිරි 40% ක පමණ ජනතාවගේ සිතැගි වෙනස් කිරීම දැඩි දුෂ්කර කටයුත්තක් බව මෙහිදී අදහස් පළ කළ ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති මහාචාර්ය රෝහණ පී. මහලියනාරාච්චි මහතා පවසා සිටින ලදී.

පක්ෂයේ මූලික අරමුණ වී අැත්තේ තම පාලනය යටතේ වසර 10 ත් 15 ත් අතර කාලයක දී රටේ 80% ක පමණ ජනතාවක් මධ්‍යම පාන්තික තත්ත්වයට පත්කිරීම බවයි.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උපදේශක ක්‍රිශාන් දේවගොඩ මහතා සිය අදහස් පළකරමින් පවසා සිටින ලද්දේ ගැටළුවේ කොටස්කාරයින් ලෙස නොව විසදුමේ කොටස්කරුවන් ලෙස පක්ෂය කටයුතු කරන බවයි.

තම පක්ෂය අතීතයට බැණවදිමින්, ගැටළුව පිළිබදව පමණක් අදහස් පළ කරමින් සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයක් අනුගමනය නොකරන අතර රට, ජනතාව සහ තමන් සතුව පවතින බලය පිළිබදව නිසි අවබෝධයක් මෙරට දේශපාලඥයින් සතුව නොමැති බැවින් රට තුළ යම් ගැටළුකාරී තත්ත්වයක් මතුවූ සැණින් ඊට විදෙස් විශේෂඥයින්ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරනු ලබන බවත් ඉන් මෙරට දේශපාලනයේ ‍‍බංකොලොත්භාවය ගම්‍ය වන බවත් ‍ක්‍රිශාන් දේවගොඩ මහතා තම අදහස් පළ කරමින් තවදුරටත් පවසා සිටින ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට