පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු මාස 06 කට අත්හිටුවයි..
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු ඉදිරි මාස හයක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියි. මේ අනුව අදළා සමාගමට ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස භාණ්‌ඩාගාර බැඳුම්කර ගනුදෙනු සිදුකිරීමට නොහැකි වනු ඇත. මහ බැංකු බැදුම්කර අක්‍රමිකතා සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රට තුළ දැඩි ආන්දෝලනයකට ලක්විය.