සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡා අසාර්ථකයි, රැකියා ගැටළුව විසදන තෙක් අඛණ්ඩ අරගලයක – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය

සිය රැකියා ගැටළුව සදහා වහාම විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් ඊයේ (06) කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටදී දැවැන්ත උදඝෝෂණයක නිරත විය. මෙම විරෝධතාවය අතරතුරදී එහි පැමිණි පොලිස් නිලධාරීන් විසින් අදාළ විරෝධතාවය සිදුකිරීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව පැවසීය. නමුත් අදාළ විරෝධතාවය අත්හිටුවීමට විරෝධතා කරුවන් කටයුතු නොකළ අතර ඔවුන් පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කරන ලදී. නමුත් ලෝටස් මාර්ගය වසා දමා විරෝධතා කරුවන්ගේ ගමන් මාර්ගය අවහිර කළ පොලිසිය, විරෝධතාකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් සමග සාකච්ඡා කිරීම සදහා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ නියෝජිතයින් පස් දෙනෙ‍කු ජනාධිපති ලේකම් කාර්යාලයට රැගෙන යන ලදී. පැය දෙකකට ආසන්න කාලයක් පුරාවට පැවති සාකච්ඡාවෙන් පසු නැවත එම ස්ථානයට පැමිණි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැදවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියන් අවධාරණය කර සිටියේ අදාළ සාකච්ඡා අසාර්ථක වූ බවත් සිය රැකියා ගැටළුව විසදන තෙක් අඛණ්ඩ අරගලයක නිරත වන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට