සත්‍යයේ පුවත් අඩහැරය….

ආණ්ඩුවේ අවසානය ළගදීම ආරම්භ වනවා, නොහැකියාව පිළිගෙන සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර

ඛනිජ සම්පත්, වරාය සහ ඉඩම් වැනි භෞතික සම්පත් පමණක් නොව මෙරට නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය අංශය රැක ගැනීමට පවා අරගලයන් දියත් කිරීමට සිදුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (06) නාරාහේන්පිට අභායාරමයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. සිය අදහස් පළ කරමින් වාසුදේව නානායක්කාර මහතා තවදුරටත් පවසා සිටියේ ඉදිරි මැතිවරණයන් සදහා මුහුණ දිය යුතු ආකාරය පිළිබදච අද වන විට ආණ්ඩුව තුළම දැවැන්ත අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇති බවයි. ඉදිරි මාස 03 න් පසු වත්මන් ආණ්ඩුවට වසර තුනක කාලයක් සපිරෙන අතර ඒ සමගම ආණ්ඩුවේ අවසානය ද ආරම්භ වන බවත් ඩෙංගු රෝගය සම්බන්ධ සත්‍ය තතු සගවමින් රෝග පාලනය කිරීමට තමන්ට ඇති නොහැකියාව පිළිබිඹු කර ඇති වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම තම ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව ද වාසුදේව නානායක්කාර මහතා තවදුරටත් පවසා සිටින ලදී. මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසා සිටියේ කසළ ගැටළුව පවා නිසි ලෙස කළමණාකරණය කරගත නොහැකිව සිටින වත්මන් යහපාල ආණ්ඩුව විසින් පළාත් පාලන මැතිවරණය නිසි කාලයේදී නොපැවැත්වීම නිසා ඩෙංගු රෝගය ද දිනෙන් දින දැඩිව හිස ඔසවමින් සිටින බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට