සත්‍යයේ පුවත් අඩහැරය….

දූෂණ මර්දන කමිටු කාර්යාලය වැසුනොත් දූෂිතයින්ට එරෙහි පරීක්ෂණ සියල්ල අහෝසි වේවි – “දූෂණ විරෝධී හඩ” සංවිධානය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවධ දේශපාලන බලපෑම් වලට යටත්වීම නිසා පිහිටුවන ලද දූෂණ මර්දන කමිටු කාර්යාලය වසා දැමිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා ඇති බවත් යම් හෙයකින් එම කාර්යාලය අහෝසි කළහොත් මෙරට දූෂිතයින්ට එරෙහිව පවතින පැමිණිලි සම්බන්ධයෙන් වන විමර්ශන අඩපණ වනු ඇති බව “දූෂණ විරෝධී හඩ” සංවිධානය පවසා සිටියි. ඊයේ (06) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ “දූෂණ විරෝධී හඩ” සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසිනි. වැඩිදුරටත් සිය අදහස් පළ කළ වසන්ත සමරසිංහ මහතා පවසා සිටින ලද්දේ දේශපාලන බලපෑම් හේතුවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය අදාළ ධූරයෙන් ඉල්ලා අස්වූ අතර එම කොමිෂන් සභාවද වැසී යාමේ තත්ත්වයක් උද්ගතව ඇති බවයි. මෙම මාධ්‍ය හමුව සදහා “දූෂණ විරෝධී හඩ” සංවිධානයේ විධායක කමිටු සාමාජිකයින් වන ඒ.ඩබ්ලිව් ගාමිණි සහ ගාමිණි රත්නසිරි යන මහ්තවරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට