අනිද්දා පැය 12 ක් කෝට්ටේ අවට ප්‍රදේශයන්ට ජලය නෑ..
අනිද්දා (09) පස්වරු 2 සිට පසුදා අළුයම 2 දක්වා පැය 12 ක් කෝට්ටේ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවිමට නියමිතව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ජල සැපයුම් නළවල සිදු කළයුතු අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් නිසා මෙම ජල සැපයුම අත්හිටුවීම සිදු කරන බවත් ඒ අනුව රාජගිරිය, මොරගස්මුල්ල, බණ්ඩාරනායකපුර, ඔබේසේකරපුර, කොස්වත්ත සහ කෝට්ටේ යන පෙදෙසේ වලට ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසා සිටියි.