රාත්‍රී කාලය තුළ සත්වෝද්‍යානය විවෘතව තැබීමේ තීරණයට විරෝධය පළ කරනවා – පරිසර යුක්ති කේන්ද්‍රය
රාත්‍රී කාලය තුළ දෙහිවල සත්වෝද්‍යානය විවෘතව තැබීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් ගන්නා ලද තීරණය සිය විරෝධය පළ කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කර සිටියි. අදාළ තීරණය ක්‍රියාත්මක කිරීම තුළින් සතුන්ගේ දෛනික දින චර්යාව කෙරෙහි දැඩි බලපෑමක් එල්ල වන බව ද පරිසර යුක්ති කේන්ද්‍රය වැඩිදුරටත් සදහන් කර සිටියි. දහවල් කලයට අමතරව රාත්‍රිය තුළද සත්වෝද්‍යානය විවෘතව තැබීමෙන් සත්ත්වයන්ට දැඩි හිංසාවක් සිදු වන බව ද පරිසර යුක්ති කේන්ද්‍රය තවදුරටත් අනාවරණය කර සිටියි.