පේදුරුතුඩුව වෙඩි තැබීම, පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට..
යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කරන ලද ටිපර් රථයකට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන අැති අතර ඔවුන් දෙදෙනා අද (10) පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව අැත. ඊයේ (09) සවස සිදුවූ මෙම වෙඩි තැබිම නිසා ටිපර් රථයේ ගමන් කරමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්විය.