මගීන් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක්, බස් කර්මාන්තය අනතුරේ – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය
එක් දිනක් තුළ මගීන් විශාල ප්‍රමාණයක් පොදු ප්‍රවාහන සේවාවන්ගෙන් ඉවත් වීමේ ප්‍රවණතාවක් උද්ගත වී අැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. බස් ගාස්‌තු වැඩිවීම මෙන්ම ඉන්ධන ගාස්‌තු පහළ යාම මෙම තත්ත්වය උදාවීමට ප්‍රදාන හේතු වී අැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසා සිටියි. මේ හේතුවෙන් පුද්ගලික බස් කර්මාන්තය කඩාවැටීමේ දැඩි අවදානමකට ලක්‌ව ඇති බව ද විඡේරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.