වෛද්‍ය සභාවේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනෙකුගේ නම් යෝජනා වෙයි..
මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ සේවා කාලය අවසන් වීමත් සමග මේ වන විට හිස්ව පවතින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධුරය සඳහා විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනකුගේ නම් යෝජනා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අනාවරණය කර සිටියි. ඉදිරි දින කිහිපය ඇතුළත නව පත්වීම සිදුකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා සදහන් කර සිටියි.