ජනපති බංගලාදේශයට..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) උදෑසන බංගලාදේශය බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. බංගලාදේශ අග්‍රමාත්‍ය ෂීක් හසීනා මහත්මියගේ ආරාධනයකට අනුව නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා බංගලාදේශය බලා පිටත්ව ගොස් ඇති අතර මෙහිදී ද්වීපාර්ශ්වික ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.