සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනවාරි 08 ජනමතයට පිටුපෑම වහාම නවතා පොරොන්දු ඉටු කිරීමට කැප වන්න – සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය.

අද වන විට මහත් ජාත්‍යාලයකින් බුදුදහම සහ සිංහලය රැකගැනීම සදහා යැයි පවසමින් හඩනගන හාමුදුරුවරුන් සමග කොතෙක් සාකච්ඡා පැවැත්වුවද මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මග හැර වෙනත් මාර්ගයක් කරා යාමට වත්මන් ජනාධිපතිවරයාට නොහැකි බව සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සිසිර ජයමහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද නිවේදනයක මේ බව සදහන් අතර එහි පහත කරුණු සම්බන්ධයෙන් ද අවධානය යොමු කර ඇත. විධායක ජනාධිපතිධුරය නිසා රටට සිදුවන දැවැන්ත හානිදායක තතත්ත්වය සම්බන්ධයෙන් දශක තුනකට වැඩි කාලයක් පුරා සිදුකළ නිසි අධ්‍යයනයකින් පසුව සිය දිවි පරදුවට තබමින් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් සිදුකළ අප්‍රතිහත ධෛර්යයයේ ප්‍රතිඵල පසුගිය 2015 ජනවාරි 08 වනදා මුළු රටම භුක්ති විදින ලදී.

දස වැදෑරුම් ප්‍රතිපත්තියක් සකස් කර සාධාරණ සමාජයක් බිහි කිරීම සදහා කටයුතු කරන ලෙස මෙරට පාලනයේ සිටි නායකයින් හට අවධාරණය කර සිටි පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ප්‍රමුඛ ස්ථාවරය වූයේ පවතින විධායක ජනාධිපති ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය අහෝසි කිරීමෙන් පසුව නව ව්‍යවස්ථාවක් ඇති කළ යුතුය යන්නයි. පසුගිය කාලය තුළ දැඩි පීඩාවට පත්ව සිටි මෙරට ජනතාව වෙනුවෙන් වීථි බැසීමට හෝ කටයුතු නොකර පාලකයින්ගෙන් ගත හැකි සෑම වරප්‍රසාදයක්ම ලබා ගෙන, රටේ සාරය උරා බී එම පාලකයින් වෙනුවෙන්ම පෙනී සිටි ඇතැම් සංඝයා වහන්සේලාට විධායක ජනාධිපති ක්‍රමය ආරක්ෂා කරන්නැයි ඉල්ලා සිටීම සදහා ඇති අයිතිය කුමක්දැයි විමසිය යුතුය.

රටට වින කරන මිනීමැරුම්, දූෂණ, වංචා, ළමා අපචාර, කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය, කැළි කසළ සහ පරිසර දූෂණ ආදී ගැටළු රැසක් සම්බන්ධයෙන් කිසිදු අදහසක් පළ නොකොට සිංහල ජාතියට හා බුදුදහමට අති විශාල තර්ජනයක් එල්ල වී ඇති බවට හුවා දක්වා හුඹස් බියක් රට තුළ ඇති කර ඒ හරහා උන්මන්තක ජාතිවාදී දේශපාලඥයින් හට යළි බලයට පැමිණීම සදහා අවස්ථාව සැලසීමේ උත්සහායක ඇතැම් සංඝයා වහන්සේලා නිරතව සිටින බව නිරීක්ෂණය වේ.

කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී බෙදීමකින් තොරව සිංහල ජාතියට සහ බුදුදහමට පමණක් නොව සියළු ආගම්, ජාතීන් අතර සංහිදියාව ඇති කිරීම සදහා මෙන්ම රටට අවැඩක් නොවන වැඩපිළිවෙළක් මිස කිසිදු ලෙසකින් සිංහල ජාතියට සහ බුදුදහමට හානියක් සිදුවන කිසිදු ගිවිසුමකට පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග එළඹ නොමැති බව අවධාරණය කළ යුතුය.

2015 ජනවාරි 08 දින ජයගත් ජනමතයට පිටුපා කටයුතු කිරීම වහාම නවතා දමා අදාළ පොරොන්දු සියල්ල ඉටු කිරීමට කැප වන්නැයි වත්මන් නායකයින්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය අකර්මණ්‍ය වී ඇති බවට ඇතැම් පරිස් විසින් ගෙන යනු ලබන ප්‍රචාරය කිසිදු සත්‍යතාවයකින් තොර බවත් ජීවත් වූ කාලයට වඩා අපවත් වූ සෝභිත හිමියන් දහස් ගුණයකින් බලවත් බවත් අවධාරණය කළ යුතුව ඇත.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට