සත්‍යයේ පුවත් අඩහැරය….

පාලනාධිකාරියේ දුර්වලතා නිසා අනුමැතිය ඇතත් නිර්දේශ ක්‍රියාත්මක නෑ, විරෝධය පා ක්‍රියාමාර්ග රැසකට එළඹෙනවා – මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන්ගේ සංගමය

සිය ඉල්ලීම් ඉටු කිරීම සම්බන්ධයෙන් වන නිර්දේශ සදහා අනුමැතිය ලැබී තිබියදීත් පාලනාධිකාරියේ දුර්වලතා හේතුවෙන් මෙතෙක් අදාළ නිර්දේශ ක්‍රියාත්මක නොවීම නිසා තමන් දැඩි පීඩාවකට පත්ව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. එම සංගමයේ සභාපති බී.එම්.ඩී බණ්ඩාරනායක මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (13) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

සිය අදහස් දක්වමින් බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් පවසා සිටියේ විෂය භාර අමාත්‍යවරයා විසින් සිය ගැටළු නිරාකරණය කිරීම සදහා කරුණු කිහිපයක් නිර්දේශ කරන ලද නමුත් මෙතෙක් අදාළ නිර්දේශ ක්‍රියාත්මක් වී නොමැති බවයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කිරිමට විටින් විට කටයුතු කළ නමුත් මෙතෙන් පිළිගත හැකි විසදුමක් මෙම ගැටළු සදහා ලැබී නොමැති අතර ඊට විරෝධය පළ කරමින් ලබන 17 වන දින දුරකථන මගින් රාජකාරී පැවරීමේ කාර්යයෙන් ඉවත් වන අතර ලබන ලබන 24 වනදා සියළු රාජකාරී කටයුතු වලින් ඉවත් වීමට තීරණය කර ඇති බව ද බණ්ඩාරනායක මහතා අනාවරණය කර සිටින ලදී.

එමෙන්ම ලබන 26 වනදා බත්තරමුල්ලේදී උද්ඝෝෂණයක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇති බව ද සිය අදහස් දක්වමින් බණ්ඩාරනායක මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්මික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජෝර්ජ් අරණාදන් මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට