ශ්‍රී ලංකා කණ්ඩායම අද ජය සොයයි..?
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (18) යි. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම ටෙස්‌ට් තරගය ජය ගැනීම සදහා කඩුළු 07 ක් දැවී තවත් ලකුණු 218 ක් ලබා ගතයුතුව ඇති අතර ඊයේ (17) තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුළු 03 ක් දැවී ලකුණු 170 ක් ලබා සිටින ලදී. කුසල් මෙන්ඩිස් තම සිව්වැනි ටෙස්‌ට් අර්ධ ශතකය ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටියි.