සත්‍යයේ පුවත් අඩහැරය….

කටුනායක පොලිස් ප්‍රහාරයට සම්බන්ධ වරදකරුවන්ට වහා දඩුවම් ලබා දිය යුතුයි – වෙළද කලාප සහයෝගිතාවය

පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින්, 2011 වසරේදී කටුනායක නිදහස් වෙළදකලාපයේ පවත්වන ලද විරෝධතාවය අතරතුර රොෂේන් චානක තරුණයා ඝාතනය වීමේ සිද්ධියට සම්බන්ධ වරදකරුවන්ට දඩුවම් ලබා දියයුතු බව නිදහස් වෙළද කලාප සහයෝගිතාවය අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් නිදහසේ වේදිකාව සංවිධානයේ සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

සිය අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටියේ කටුනායකදී සිදුවූ ඉහත ප්‍රහාරය සම්බන්ධයෙන් වන මහනාම තිලකරත්න වාර්තාව මේ වන විට නිකුත් වී ඇති අතර අදාළ සිදුවීමේදී පොලිසිය ඉතා කෘෘර ලෙස සහ නින්දිත ලෙස කටයුතු කර ඇති බවයි. රොෂේන් චානක තරුණයා මිය ගිය පසු ඔහුගේ පවුලේ සාමාජිකයන් හට ආණ්ඩුවෙන් විවිධ බලපෑම් එල්ල වූ අතර ඔහුගේ අවමංගල්‍ය කටයුතු පවා පොලිසියේ අවශ්‍යතාවය අනුව සිදුවූ බව ද බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කර සිටින ලදී.

කටුනායක පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළකරමින් සෑම මසකම පළමුවැනිදා විරෝධතා පැවැත්වීමට කටයුතු කරන ලද අතර යම් ලෙසකින් අදාළ විරෝධතාවය පැවැත්වීමට දිනක් හෝ ප්‍රමාද වුවහොත් බුද්ධි අංශ නිලධාරීන් විසින් තමන්ගෙන් ඒ සම්බන්ධයෙන් විමසීමක් සිදු කරනු ලබන බව ද බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා මියගිය රොෂේන් චානක තරුණයාගේ මව වන ස්වර්ණ කාන්ති සහ දා බිදු සාමුහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරක චමිලා තුෂාරි යන මහත්මීන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට