සත්‍යයේ පුවත් අඩහැරය….

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, “සයිටම්” පවත්වාගෙනයාමේ කුමන්ත්‍රණයක් – පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම, මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කුමන්ත්‍රණකාරිව ඉදිරියට පවත්වාගෙන යාමේ අරමුණින් සිදුකරන ලද්දක් බව පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. ඊයේ (17) කොළඹදී පැවිත මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා විසිනි. රටේ සෑම ක්ෂේත්‍රයකින්ම පාහේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලීම් සිදු කළද ඒවාට ඇහුම්කන් නොදී වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා පමණක් සතුටු කිරීමට කටයුතු කරන්නේ මන්දැයි බලධාරීන්ගෙන් විමසා සිටින අතර රජය කුමන ආකාරයකින් කටයුතු කළද “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන තෙක් අඛණ්ඩව තම වෘත්තීය අරගල ඉදිරියට පවත්වාගෙන යන බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා පුද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානයේ සාමාජිකයින් වන වෛද්‍ය අසංග වික්‍රමසිංහ, මහින්ද ගුරුගේ සහ රේණුකා ලියනගේ යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට