සත්‍යයේ පුවත් අඩහැරය….

ඩ්‍රෝන යානා වලට නව නීති ළගදීම..

රූගත කිරීම අරමුණු කරගනිමින් ගුවන්ගත කරනු ලබන සෑම ඩ්‍රෝන යානාවක්‌ මෙන්ම අදාළ යානාව ක්‍රියාත්මක කරන්නන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් නව නීති හදුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අවධාරණය කර සිටියි. එ් අනුව අදාළ නීති හා රෙගුලාසි ඉදිරියේදී පනතක් මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කර සිටියි. ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම මේ වන විට ඉතා අක්‍රමවත් ලෙස සිදුකෙරෙන අතර ඇතැම් පිරිස්‌ ඩ්‍රෝන යානා මගින් අනවශ්‍ය වීඩියෝ ගත කිරීම් සිදු කරන පවට පැමිණිලි රැසක් ලැබී ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති අතර මෙම ඩෝන යාත්‍රා ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කර ඊට අවසර ලබා ගතයුතුව ඇති මෙන්ම ආරක්‍ෂක අමාත්‍යාංශයේ, අදාළ ප්‍රදේශයේ සංස්‌කෘතික, පුරාවිද්‍යා, වාරිමාර්ග හා බලශක්‌ති අධිකාරි සහ පොලිස්‌ ස්‌ථාන වල ද අවසරය ලබාගැනීම සිදුකිරීම සම්බන්ධයෙන් ද නීති හදුන්වාදෙන බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට