සත්‍යයේ පුවත් අඩහැරය….

යාපනය වෙඩි තැබීමට විරෝධය පා උතුරේ නීතිඥයින් අධිකරණ කටයුතු වලින් ඉවත් වෙයි..

යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා ඉලක්ක කර ගත් වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් උතුරේ නීතිඥවරුන් අද (24) දිනය තුළ සිය රාජකාරී වලින් බැහැරවීමට තීරණය කර අැති බව වාර්තා වේ. යාපනය, නල්ලූර් ප්‍රදේශයේදී සිදු වූ මෙම වෙඩි තැබීමෙන් මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතාගේ අාරක්ෂාව සදහා යෙදවා සිටි පොලිස් නිලධාරියෙකු මියගිය අතර මන්නාරම, චාවකච්චේරි, කයිට්ස්, වව්නියාව, කිලිනොච්චිය සහ මුලතිව් අධිකරණවල අද දින රාජකාරී කටයුතුවලින් නීතිඥයින් ඉවත් වීමට කටයුතු කරනු අැත. රට තුළ මහත් අාන්දෝලනයකට ලක්වූ යාපනය විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ නඩුව විභාග කරමින් පවතින කාලය තුළ මේ අාකාරයේ ප්‍රහාරයක් එල්ලවීම නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට තර්ජනයක් බව උතුරේ නීතිඥවරුන් අවධාරණය කර සිටියි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට