සත්‍යයේ පුවත් අඩහැරය….

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේම ක්‍රියා නිසා බුද්ධ ශාසනය දැඩි කණගාටුදායක තත්ත්වයකට පත්වෙලා – “ස්වර්ණ පදනම” සංවිධානය

බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේම ක්‍රියාකලාපයන් නිසා මේ වන විට මෙරට බුද්ධ ශාසනය දැඩි කණගාටුදායක තත්ත්වයකට පත්ව අැති බව “ස්වර්ණ පදනම” සංවිධානය අවධාරණය කර සිටියි. ඊයේ (14) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මෙම අදහස් පළකරන ලද්දේ “ස්වර්ණ පදනම” සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් පූජ්‍ය කරදන සුධම්ම හිමියන් විසිනි.

සිය අදහස් දක්වමින් පූජ්‍ය කරදන සුධම්ම හිමියන් වැඩිදුරටත් පවසා සිටියේ ගිහියන් විසින් සිදුකළයුතු බොහෝ දෑ අද වන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් සිදුකිරීම නිසා රටතුළ මෙවැනි තත්ත්වයක් අැතිවී තිබෙන අතර මහනායක හිමිවරුන්ගේ ප්‍රකාශ විවේචනය කරමින් අැතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ප්‍රකාශ නිකුත් කිරීම අනුමත කළනොහැකි බවයි.

රටතුළ අැතිව තිබෙන මෙම ශාසනික පරිහානිය ඉදිරියටත් සිදුනොවීම සදහා කටයුතු කරන්නැයි ඉල්ලා සිටිමින් මහනායක හිමවරුන්ට සංදේශ භාර දීමට ඉදිරියේදී කටයුතු කරන බවත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් රටට යහපතක් සිදුකරන නායකයෙකු බිහිකරන්න ලෙස ප්‍රාර්ථනා කරමින් දස මල් පූජාවක් පවත්වන බවත් පූජ්‍ය කරදන සුධම්ම හිමියන් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා හෙළ ලේ ජාතික පදනමේ සභාපති ඩෑන් ප්‍රියසාද්, “ස්වර්ණ පදනම” සංවිධානයේ සාමාජිකයින් වන අසේල රාජපක්ෂ සහ ප්‍රසාද් සුසන්ත ජයසේකර යන මහත්වරුන්ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට