ශිරන්ති රාජපක්ෂ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට..
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් වීමට නියමිතව අැත. අැය සභාපතිත්වය දරණ ලද සිරිලිය පදනමට අයත්ව තිබූ ඩිෆෙන්ඩර් රථයක් මෙම ඝාතනය සදහා යොදාගෙන ඇතැයි මේ වන විට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව අැති බව වාර්තා වේ.