විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කළ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වෑන් රථයක් අනතුරක, රියදුරු රෝහලේ..
විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කරමින් තිබු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වෑන් රථයක් බදුල්ල – බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර 6 කණුව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව අැති බව වාර්තා වේ. බදුල්ල උසස් තාක්ෂණ ආයතනයට ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කරමින් තිබූ මෙම වෑන් රථය අද (15) අළුයමදී මෙම අනතුරට මුහුණ දී අැත. මාර්ගයෙන් ඉවතට ධාවනය වී අැති අදාළ වෑන් රථය අසළ නිවසක තාප්පයක ගැටී කාණුවකට ද වැටී අැති අතර රථයේ රියදුරා මින් තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.