සත්‍යයේ පුවත් අඩහැරය….

පැවති අාණ්ඩු මෙන්ම වත්මන් යහපාලන අාණ්ඩුව ද සමෘද්ධි සේවක අයිතීන් කප්පාදු කරමින් සිටිනවා – සමස්ත ලංකා සමෘද්ධි සේවක අයිතීන් දිනා ගැනීමේ එකමුතුව

තම වෘත්තීය ගැටළු සදහා විසදුම් ලබා දෙන ලෙස අාණ්ඩුවට බලකරමින් ලබන 29 වනදා සිට දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විරෝධතා ව්‍යාපාර දියත් කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා සමෘද්ධි සේවක අයිතීන් දිනා ගැනීමේ එකමුතුව අවධාරණය කර සිටියි. අද (15) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ සමස්ත ලංකා සමෘද්ධි සේවක අයිතීන් දිනා ගැනීමේ එකමුතුවේ ප්‍රධාන ලේකම් චාමර මද්දුම කළුගේ මහතා විසිනි.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ පැවති මහින්ද රාජපක්ෂ රජය මෙන්ම, පසුගිය දින සියයේ අාණ්ඩුව සහ වත්මන් යහපාලන අාණ්ඩුව ද සමෘද්ධි සේවක අයිතීන් කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

වැටුප් සහ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, සමෘද්ධි ලාභීන්ගේ දීමනා කප්පාදු කිරීම, මිය ගිය සහ විශ්‍රාම ගිය සමෘද්ධි සේවකයින්ගේ විශ්‍රාම වැටුප් නොගෙවීම අැතුළු ගැටළු රැසක් මේ වන විට උද්ගතව තිබෙන බව ද චාමර මද්දුම කළුගේ මහතා තවදුරටත් පවසා සිටින ලදී. වත්මන් අාණ්ඩුව සේවක අයිතීන් කප්පාදු කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරමින් සිටින අතර විෂය භාර අමාත්‍යවරයාට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට මෙම ගැටළුකාරී තත්ත්වය විසදීමට කිසිදු වුවමනාවක් නොමැති බව ද චාමර මද්දුම කළුගේ මහතා සිය අදහස් දක්වමින් තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සමස්ත ලංකා සමෘද්ධි සේවක අයිතීන් දිනා ගැනීමේ එකමුතුවේ කැදවුම්කරු එස්.ඒ ජයවීර සහ සම කැදවුම්කරු නන්දන ප්‍රියන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට