සත්‍යයේ පුවත් අඩහැරය….

රාජ්‍ය සම්පත් විකුණමින් අත්තනෝමතික පාලනයක් ගෙන යන වත්මන් අාණ්ඩුවට අමු කැවිලා – ජාතික සංවිධාන එකමුතුව

ඉදිරියේදී හදුන්වාදීමට නියමිතව අැති බෞද්ධ කතිකාවතක් පිළිබද නව පනත, රටට කිසිදු අයුරකින් හිතකර නොවන්නක් මෙන්ම ඒ තුළින් සංඝ සමාජයේ බෙදීමක් අැතිවීම වැළැක්විය නොහැකි වනු අැති බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. ඊයේ (22) රාජගිරියේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ කැදවුම්කරු අාචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

වැඩිදුරටත් සිය අදහස් දක්වමින් අාචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසා සිටියේ රටම විදේශයන්ට විකුණා දමමින් අත්තනෝමතික ලෙස පාලනය සිදු කරන වත්මන් අාණ්ඩුවට අමු කැවී අැති බව පෙනී යන බවයි. ඉන්දියාව මත්තල ජාත්‍යන්තර ගුවන්තෙටුපළෙහි අයිතිය ලබා ගැනීමට උත්සාහ කරන්නේ වානිජ්‍යමය පරමාර්ථයෙන් නොව, යුදමය වශයෙන් වාසි ලබා ගැනීම සදහා බව ද අාචාර්ය ගුණදාස අමරසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ ජාතික සංවිධාන එකමුතුවේ සාමාජික වෙෙද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ හම්බන්තොට වරාය චීනයට විකීණීමෙන් අාණ්ඩුව ලබා ගෙන අැත්තේ, මෙරට විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හට වසරක කාලයක් සදහා විශ්‍රාම වැටුප් ගෙවීමට අැති මුදලට සමාන මුදලක් බවයි. මහ බැංකු බැදුම්කර වංචාවට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයින් පිළිබදව පමණක් නොව, ඊට සම්බන්ධ අයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාව මෙරටට ගෙන්වූයේ කවුරුන්ද, ඔහුට මෙවැනි වංචාවක් සිදු කිරීමට අවශ්‍ය වටපිටාව සකසන ලද්දේ කවුරුන් විසින්ද යන්න සම්බන්ධයෙන්ද නිසි විමර්ශනයක් සිදුකළ යුතුව අැති බවද වෙෙද්‍ය වසන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සදහන් කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ජාතික සංවිධාන එකමුතුවේ සාමාජිකයින් වන පූජ්‍ය මාදුරුඔය ධම්මිස්සර හිමි අැතුළු රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීන් ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට