ජා.නි.පෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු..
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (18) දින වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පනවන ලද නඩුවට පෙනී නොසිටීම නිසා වීරකුමාර දිසානායක මහතා අත්අඩංගුවට ගන්නැයි නියෝග කරමින් මෙම නියෝගය ලබා දී ඇත.