නව ක්‍රිකට් තේරීම් කමිටුවට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය..
ග්‍රැහැම් ලැබ්රෝයිගේ සභාපතීත්වයෙන් යුතු 05 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටුව සදහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ. ග්‍රැහැම් ලැබ්රෝයි මහතාට අමතරව අසංක ගුරුසිංහ, ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වව්ටර්ස් සහ සජිත් ප්‍රනාන්දු යන නව තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයින් වන අතර අමාත්‍යවරයා කමිටුව සදහා අද (19) අනුමැතිය ලබා දී ඇත.