සත්‍යයේ පුවත් අඩහැරය….

අතුරුදන්වූවන් ගැන පනත ගේන්න එපා යැයි ජනාධිපති හා අගමැතිගෙන් ඉල්ලනවා – පූජ්‍ය, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි

 alt=තිස්වසරක් පුරා මෙරට තුළ පැවති යුද්ධයෙන් රටත්, ජනතාවත් බේරාගැනීමට දිවිහිමියෙන් කටයුතු කළ රණවිරුවන් පාවා දීම සදහා වත්මන් ආණ්ඩුව විසින් අතුරුදන් වූවන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත ගෙන ඒමට කටයුතු කරමින් සිටින බව පූජ්‍ය, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් අවධාරණය කර සිටියි. උන්වහන්සේ විසින් මෙම අදහස් පළ කරන ලද්දේ ඊයේ (19) කොම්පඤ්ඤවීදියේ නිපෝන් හෝටලයේදී පවත්වන ලද මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන්නැයි ජනාධිපති සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීන බවද මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයෙන්ද ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බව ද පූජ්‍ය, මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුවට සහභාගි වූ ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා පවසා සිටියේ මෙම නව පනත සම්මත කර සිය දේශපාලන අරමුණු පමණක් ඉෂ්ඨ කරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන අතර මෙය ඉතා ණගාටුදායක තත්ත්වයක් වන බවයි.

මෙම අවස්ථාව සදහා හිටපු එ.ජ.නි.ස පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා ද සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට