ලලිත් සහ අනූෂ ට ඇප..
පසුගිය ජනාධිපතිවරණ සමයේදී රජයේ මුදල් සාවද්‍ය ලෙස භාවිතා කරමින් සිල්රෙදි බෙදා දීම සම්බන්ධ චෝදනාවට වරදකරුවන් වී බන්ධනාගාරගත කරන ලද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කරන ලෙස කොළඹ මහ අධිකරණය අද (20) නියෝග කරන ලදී. ඒ අනුව රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැඟින් වූ ශරීර ඇප තුනක් මත ඔවුන් දෙදෙනා මුදාහරින ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍රද අධිකරණයට භාරදෙන ලෙසත් අධිකරණය විසින් නියෝග කර තිබේ.