දූෂණ විරෝධි මහාධිකරණයක් පිහිටුවීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට.
රුපියල් මිලියන 05 කට වැඩි වටිනාකමකින් යුත් අල්ලස්, වත්කම්, දූෂණ, මුදල් විශුද්ධිකරණය වැනි අක්‍රමිකතා පිළිබඳ විභාග කිරීම සදහා දූෂණ විරෝධි මහාධිකරණයක් පිහිටුවීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වී ඇත. නෛතික කටයුතු හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මගින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.