13 ඉක්මවා ගිය බලතල අන්තර්ගත වන්නේ 20 වැනි සංශෝධනය පිළිගන්නවා – ඊ.පී.ඩී.පී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා ගිය බලතල අන්තර්ගත වන්නේ නම් එය පිළිගන්නා බව ඊ.පී.ඩී.පී පක්ෂය අවධාරණය කර සිටියි. පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද පවසා සිටින්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දමිළ ජනතාවගේ සිහින සැබෑ කරනු ඇති බව තමන් අපේක්ෂා කරන බවයි.