නීති විරෝධි දුම්වැටි තොගයක් සමග චීන ජාතිකයින් තිදෙනෙක් අත්අඩංගුවට…
කොල්ලුපිටිය ප්‍රදේශයේ ආපන ශාලාවකදී නීති විරෝධි දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම පුද්ගලයින් සතුව තිබී නීති විරෝධි දුම්වැටි 14800ක් පමණ සොයා ගෙන ඇත.කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදු කළ වැටලීමක දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් සදහන් කර ඇත. සැකකරුවන් අවුරුදු 32, 48 සහ 60 යන වයස් වලට අයත්වු චීන ජාතිකයින් තිදෙනෙකු බව වාර්තා වේ. අත්අඩංගුවට ගත් අදාල විදේශිකයින් තිදෙනා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.