පාර්ලිමේන්තුව හදිසි සභා වාරයක් කැඳවයි…
පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට අදාළ සංස්ථාපනය විය යුතු පනත් 03ක් ඉදිරිපත් කිරීම සදහා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) දින විශේෂ පාර්ලිමේන්තු සභා වාරයක් කැඳවා ඇත. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා විසින් අදාළ පනත් 03 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර එහිදී මහා නගර ආඥා පනත, නගර සභා ආඥා පනත සහ ප්‍රාදේශීය සභා ආඥා පනත විවාදයට ගැනීමටද නියමිතව ඇත. අදාළ පනත් 03 සම්මත කර ගැනීම සදහා පාර්ලීමේන්තුව යලි ලබන මස 09 වන දින රැස්වීමටද කටයුතු යොදා ඇත.