සබරගමුව පළාත් සභාවත් විසුරුවා හැරේ…
සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමග අද (26) දින මධ්‍යම රාත්‍රියේදී එම පළාත් සභාව විසුරුවා හැරෙන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිවේදනය කර ඇත. ඊට අමතරව උතුරුමැද පළාත් සභාවේ නිල කාලයද මේ මස 30දා අවසන් වන අතර, නැගෙනහිර පළාත් සභාවේ නිල කාලයද ලබන මස 1 දායින් පසු අවසන් වන බව අමාත්‍යවරයා සදහන් කර සිටියි. ඒ අනුව විසුරුවා හැරුණු එම පළාත් සභාවල බලතල යලි මැතිවරණයක් පැවැත්වෙන තුරු එම පළාත් ආණ්ඩුකාරවරුන්ට පැවැරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියි.