2018 අයවැයට යෝජනා කැඳවයි..
ලබන නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත 2018 වර්ෂය සදහා වන අයවැය සඳහා අදහස් සහ යෝජනා ඉදිරිපත් කරන්නැයි මුදල් අමාත්‍යාංශය දැනුම්දී ඇති බව වාර්තා වේ. අර්ථික නිෂ්පාදන, කෘෂි හා සේවා අංශයේ සියලු පාර්ශවයන්ට සහ විද්වතුන්, වෘත්තිකයින් හා මහජනතාවට මෙම අයවැය යෝජනා සහ අදහස් ලබන 15 වනදාට පෙර ඉදිරිපත් කළ හැකි බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියි.