ජනපතිගෙන් සාකච්ඡාවක්, සයිටම් විරෝධී උපවාසය තාවකාලිකව අත්හිටුවෙයි..
මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වහාම අහෝසි කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය විසින් කොළඹදී අද (06) අාරම්භ කිරීමට නියමිතව තිබූ මාරාන්තික උපවාසය, ජනාධිපතිවරයා විසින් සාකච්ඡාවක් ලබාදීම නිසා තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ. “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා බව මේ වන විට ආණ්ඩුව විසින් පවසා ඇති නමුත් අදාළ විසදුම තමන්ට කිසිදු අයුරකින් පිළිගත නොහැකි බව ද රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය අවධාරණය කර සිටියි.