සත්‍යයේ පුවත් අඩහැරය….

මංගලගේ මංගල අයවැය, මුළු ජාතියටම අවමංගල්‍යයක් වීම නිසැකයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

 alt=වත්මන් ආණ්ඩුව විසින් 2018 වසර සදහා ඉදිරිපත් කරන ලද අයවැය තුළින් ඉදිරිපත්ව ඇති යෝජනා රැසක් රටට අහිතකර ඒවා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ පූජ්‍ය කොටපළ අමරකිත්ති හිමියන් අවධාරණය කර සිටියි. ඊයේ (14) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය කොටපළ අමරකිත්ති හිමියන් විසින් මෙම අදහස් පළ කරන ලද අතර උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටින ලද්දේ නව සුරාසැල් ආරම්භ කිරීම, බීර මිල පහළ දැමීම, දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදනයන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් වන අයවැය යෝජනා කිසිදු අයුරකින් රටට නොගැළපෙන බවයි.

කසිප්පු වැනි නීතිවිරෝධී මත්පැන් පානයන්ගෙන් ජනතාව මුදාගැනීමට යැයි පවසමින් බීර මිල ගණන් පහළ දැමීම කිසිදු අයුරකින් අනුමත කළ නොහැකි බව ද කොටපළ අමරකිත්ති හිමියන් තවදුරටත් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අවධාරණය කර සිටියේ යම් යම් සාධනීය කරුණු අඩංගුව තිබුන ද එහි ඇති අැතැම් යෝජනා දෙස අවධානය යොමු කළ විට “මංගලගේ මංගල අයවැය, මුළු ජාතියටම අවමංගල්‍යයක් වීම නිසැක” බව පෙනී යන බවයි. රටත් ජනතාවත් ගැන නොව බීර සමාගම් පිළිබදව පමණක් අවධානය යොමු කර මෙවර අයවැය සකස් කර ඇති බව පෙනී යන බව ද පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් සිය අදහස් දක්වමින් වැඩිදුරටත් පවසා සිටින ලදී.

මෙම අවස්ථාව සදහා පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ සහ පූජ්‍ය ඥානසීහ යන හිමිවරුන් සහභාගි විය.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට