රත්නපුර සහ බදුල්ලේ ස්ථාන දෙකකට නායයෑමේ අවදානම් නිවේදන..
මේ වන විට දිවයින පුරා ඇතිවී තිබෙන අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ රත්නපුර සහ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට නායයෑම් අවවදානම් නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට සහ බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දමුල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට නායයෑම් අවවදානම් රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසා සිටියි. අදාළ අවදානම් පෙදෙස් වලින් ඉවත් වන ලෙස එම ප්‍රදේශවාසීන්ට දැනුම් දී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටියි.