අැමති අර්ජුණ රණතුංග දෝහා කටාර් බලා පිටත්ව යයි..
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා අද (25) අළුයම 03.00ට පමණ කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දෝහා කටාර් වෙත පිටත්ව ගිය බව වාර්තා වේ. සුසිල් ප්‍රේමජයන්ත්, ආචාර්ය සරත් අමුණුගම යන කැබිනට්‘ අමාත්‍යවරුන් මෙන්ම රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ද මෙම සංචාරයට එක්වනු ඇති අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ද අද සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.