ජාතික ආර්ථීක සභාවේ ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම ගැන විශේෂ සාකච්ඡාවක්..
ජාතික ආර්ථීක සභාව විසින් ඉදිරිපත් කර ඇති ඒකාබද්ධ ණය යෝජනා ක්‍රම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ඊයේ (28) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන් අතර මෙම විශේෂ සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී පවත්වා ඇති අතර මෙම සාකච්ඡාව සදහා මංගල සමරවීර, ලක්ෂ්මන් කිරිඇල්ල යන අමාත්‍යවරුන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම්, ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.