ශ්‍රී ලංකා – බංග්ලාදේශ තීරණාත්මක තරගය අද..
පන්දුවාර විස්සයි විස්ස නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තරගය අද (16) පැවැත්වීමට නියමිතව ඇත. තරගාවලියේ අවසන් මහා තරගයට තේරී පත්ව ඇති ඉන්දියාව සමග තරග වදින ප්‍රතිවාදී කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබදව තීරණය වන්නේ අද තරගයේ ප්‍රතිඵලය අනුවයි.