මෙරට සම්බන්ධයෙන් ජිනීවා පළමු විවාදය අද..
ජිනීවා මානව හිමිකම් සමුළුවේ මෙරට සම්බන්ධයෙන් වන පළමු විවාදය අද (16) සිදුකිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකාව සම්බන්ධව ඉදිරිපත් කර තිබෙන නිර්දේශ 300 ක් පිළිබදව රටවල් 50 ක් විසින් මෙහිදී අවධාරණය යොමු කරනු ඇති බව වාර්තා වේ. මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවාදයේදී මෙරට සම්බන්ධයෙන් විශ්ව සමාලෝචන වාර්තාවද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.