සමාජ ජාලා වෙබ් අඩවි අකටයුතුකම් වළක්වන නීති විධිමත් වෙයි..
රටතුළ ජතිවාදී ගැටළු ඇතුළු වෙනත් ගැටළුකාරී තත්ත්වයන් ඇතිකිරීමට මුහුණු පොත ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි මගින් සිදුකරනු ලබන විවිධ අකටයුතුකම් වැළැක්වීම සදහා ඉදිරි කාලය තුළ නීතිය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය අනාවරණය කර සිටින්නේ එ් සම්බන්ධයෙන් වන නීති රිති මෙරටතුළ දැනටමත් බලාත්මක වුවද මෙතෙක් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බැවින් යම් යම් ගැටළුකාරී තත්ත්වයන් රටතුළ ඇතිවූ බවයි.