මහනුවර සිද්ධියෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම ඇරඹෙයි..
මහනුවර ප්‍රදේශය ආශ්‍රිතව පසුගිය දිනවලදී ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයේදී පීඩාවට පත්වූ පුද්ගලයින්ට වන්දි ලබා දීම ආරම්භ කර ඇති වාර්තා වේ. ඒ අනුව එම වන්දි ලබාදීම සදහා මහනුවර දිස්ත්‍රික් ලෙක්ම් කාර්යාලයේදී විශේෂ ජංගම සේවාවක් අද (16) ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත. යම් හානියක් සිදුව ඇති ආගමික සිද්ධස්ථාන සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් පීඩාවට පත්වූ පුද්ගලයින්ට මෙන්ම හානියට ලක්වූ ගොඩනැගිලි සදහා ද වන්දි ගෙවීමට නියමිතව ඇත.