සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතිවාදී වත්මන් පාරිභෝගික අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කළ යුතුයි – සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය

Podu Jana Peramunaපාරි‍භෝගික දිනය සැමරුවද පාරිභෝගික අයිතීන් සහ ආරක්ෂණය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට රජය හෝ මාධ්‍ය විසින් කිසිදු පියවරක් ගෙන නොමැති බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය චෝදනා කර සිටියි. ඊයේ (15) පැවති කොළඹදී මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකරන ලද්දේ සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා විසිනි.

සිය අදහස් දක්වමින් අසේල සම්පත් මහතා තවදුරටත් පවසා සිටියේ කෝටි 02 ක ජනතාවක් සිටින මෙරට පාරිභෝගික අධිකාරිය නැමැති ආයතනයේ සිටින්නේ 200 කට ආසන්න කාර්ය මණ්ඩලයක් වන බැවින් පුද්ගලයින් ලක්ෂයකට එක් පාරිභෝගික නිලධාරියෙකු වශයෙන් නිසි සේවයක් ඉටුකරන්නේ කෙසේ දැයි විමසා සිටීමට සිදුව ඇති බවයි. වත්මන් පාරිභෝගික අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජාතිවාදි පුද්ගලයෙකු ලෙස හැදින්විය හැකි අතර ඔහුගේ අමාත්‍යධරය වහාම වෙනත් සුදුසු අයෙකුට ලබාදීමට බලධාරීන් කටයුතු කළයුතුව ඇති බව ද අසේල සම්පත් මහතා මෙහිදී තවදුරටත් පවසා සිටින ලදී.

දිගින් දිගටම මෙරට මුස්ලිම් ජනතාවට යම් පීඩාවන් සිදුවන්නේ ඉදිරියේදී අවි අතට ගැනීමට සිදුවනු ඇති බවට ප්‍රකාශ කරන ලද බැවින් පසුගිය කාලය තුළ මෙරට ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගතයුතුව ඇත්තේ වත්මන් පාරිභෝගික අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා වන බවද සිය අදහස් පළකරමින් අසේල සම්පත් මහතා තවදුරටත් අවධාරණය කරන ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා සහභාගි වූ පරපුරක බලය සංවිධානයේ කැදවුම්කරු චාමර නාකන්දල සහ ජාතික ආහාර සුරක්ෂිතා ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විජය බාලසූරිය යන මහත්වරුන්ද තම අදහස් දක්වන ලදී.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට