සත්‍යයේ පුවත් අඩහැරය….

හමුදා සාමාජිකයින් ගංජා වගාවට සැරසේ..

Podu Jana Peramunaආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරීම සඳහා වූ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කල යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සාමාජිකයින් සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් සාකච්ඡාව කර ඇත්තේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම උචිත බවත් එය මෙරට හමුදා සාමාජිකයින් යොදවා ගනිමින් සාර්ථකව කරගෙන යාමේ හැකියාවක් පවතින බවත්ය. ඒ අනුව මෙරට කංසා වගා කිරීම තුලින් විදේශ විනිමය ලබාගත හැකි අතර 2020 සිට දුම්කොළ වගා කිරීම තහනම් කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින ගොවි ජනතාවට ආයුර්වේද ඖෂධ වගා කිරීම කෙරෙහි වැඩි වශයෙන් යොමු කිරීමට ද හැකි වන බවයි.

 

මැයි 2024
M T W T F S S
« අප්‍රේ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට